Thursday, October 24, 2024
Follow Us
භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට

ගිනිකොන දිග තුර්කියේ සිරියානු දේශ සීමාව ආසන්නයේ සිදුවූ ප්‍රබල භූ කම්පනයෙන් මියගිය පුද්ගයින් සංඛ්‍යාව 500 ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දී තිබේ. 

තුර්කි උප ජනාධිපතිවරයා පවසන්නේ භූකම්පනයෙන් එරට තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 284 ඉක්මවා ඇති බවයි .

සිරියාවේ ද පුද්ගලයින් 230කට අධික පිරිසක් මේ වන විට මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

අදාළ භූ කම්පනය රික්ටර් මාපකයේ ඒකක 7යි දශම 8ක ප්‍රබලතාවයක් ගෙන තිබුණි.

 භූ කම්පනය හේතුවෙන් විපතට පත් පිරිස මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන අයුරු විදෙස් මාධ්‍ය මෙලෙස සජ්වීව වාර්තා කර සිටී.

Aruna