Thursday, October 24, 2024
Follow Us
නේපාල ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ඉන්දියාවේ පිහිටි නේපාල තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් රාම් චන්ද්‍ර කට්රි අද (පෙබ 3) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂරක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

අමාත්‍යාංශය වෙත පැමිණි නේපාල ආරක්ෂක උපදේශකවරයා ආරක්ෂක ලේකම් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගත් අතර අනතුරුව ද්විපාර්ශ්විකව වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්විණි. 

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කර්නල් කට්රි සහ ජෙනරල් ගුණරත්න අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
ඉන්දියාවේ නවදිල්ලිහි පිහිටි නේපාල තානාපති කාර්යාලයේ ආරක්ෂනක උපදේශක අද ( 4) ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන 75 වැනි නිදහස් දින සැමරුමට සහභාගී වීමටද නියමිතයි.