ශ්රී ලංකාවේ නව ප්රංශ තානාපති ජොංෆ්රැන්සුවා පැක්තෙ මහතා අද (01 ) සුහද හමුවක් සඳහා මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා හමුවීමට මහජන ආරක්ෂක අමාත්යාංශයට පැමිණියේය.
ශ්රී ලාංකිකයන් නීති විරෝධී සංක්රමණිකයන් ලෙස ප්රංශයේ දූපත් වලට ඇතුලුවීම වැලැක්වීම සඳහා ගත හැකි ක්රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කළේය.
මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතාගේ ඉල්ලීම පරිදි ශ්රී ලංකා පොලිස් නිලධාරීන් සඳහා පුහුණු වැඩමුළුවක් සංවිධානය කිරීමට සහයෝගය දැක්වීමට ප්රංශ තානාපති ජොංෆ්රැන්සුවා පැක්තෙ මහතා මෙහිදී එකඟ විය.