Friday, October 25, 2024
Follow Us
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් මෙරට සහතිකයක් 

නීති විරෝධී ක්‍රම ඔස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පුද්ගලයන් ගෙන්වන අයට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානව සම්පත් අමාත්‍ය ආචාර්ය Abdulrahman Abdulmannan Al Awar මහතා කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාට සහතික විය.

 

රැකියා සඳහා සංචාරක වීසා මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණෙන ශ්‍රී ලංකික ශ්‍රමිකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා කරුණු පැහැදිළි කළේය.

සංචාරක වීසා හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට නොයෙක් දුෂ්කරතාවයන්ට මුහුණදීමට සිදුව ඇති බවත්, සංචාරක වීසා මගින් එලෙස රැකියා සඳහා පැමිණීම වැළැක්වීමට ජනතාව දැනුවත් කිරීම පිණිස ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳවත්  මනුෂ නානායක්කාර අමාත්‍යවරයා එහි දී කරුණු ඉදිරිපත් කළේය.