Friday, October 25, 2024
Follow Us
ආසන පටි නැතිව ගිය අගමැතිට දඩ

මෝටර් රථය තුළ ගමන් කරමින් සිටින අතරතුර ආරක්ෂක පටි පැළඳ නොගෙන ගමන් කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක්ට එරට පොලිසිය විසින් දඩ නියම කරනු ලැබ තිබේ.ලැන්කර්ෂයර් පොලිසිය සඳහන් කර තිබුණේ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් රිෂී සුනක්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව ය.

ආරක්ෂක ආසන පටි නොපැළඳ ගමන් කිරීම සම්බන්ධයෙන් ඔහු සමාව ද ඉල්ලා තිබිණි. සමාජ මාධ්‍ය වීඩියෝගත කිරීමක් සඳහා තමන් “වැරදි විනිශ්චයකින්” ආරක්ෂක ආසන පටි ඉවත් කළ බව ඔහු සඳහන් කළ බව ඔහුගේ ප්‍රකාශකයා පැවසීය.

 රිෂී සුනක් සිය අත්වැරදීම සම්පූර්ණයෙන් පිළිගන්නා බවත්, ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින බවත් ප්‍රකාශකයා පවසා තිබේ.

 ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, “සෑම අයෙකු ම ආරක්ෂක ආසන පටි පැළඳිය යුතු,” බව අග්‍රාමාත්‍යවරයා විශ්වාස කරන බව ය.

 බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ, එංගලන්තයේ උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වන අතරතුර ලැන්කර්ෂයර්හිදී ය.

 බ්‍රිතාන්‍ය රථවාහන නීතිය අනුව ආරක්ෂක ආසන පටි නොපැළඳීම සම්බන්ධයෙන් වන උපරිම දඩ මුදල ස්ටර්ලිං පවුම් 500කි.

Aruna