Friday, October 25, 2024
Follow Us

පස් දින නිල සංචාරයක් සඳහා ඩුබායි වෙත පැමිණ සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, එමිරේට්ස් හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයන්ගේ සංගමයේ නිලධාරීන් හා සාමාජිකයන් හමුවී රැකියා සඳහා ශ්‍රමිකයන් සම්බන්ධ කර ගැනීම, සංචාර වීසා මගින් රැකියා සඳහා පැමිණීම ඇතුළු බිම් මට්ටමේ අර්බුද, අභියෝග, ගැටලු සහ තොරතුරු රැසක් පිළිබද සාකච්ඡා කිරීමට කටයුතු කළේ ය. එහි දී බිම් මට්ටමේ සිට ම තොරතුරු ඒකරාශී කර ගැනීමටත්, උද්ගතවී ඇති ගැටලු සම්බන්ධයෙන් ඒ අනුව කටයුතු කිරීමටත්, අවශ්‍ය පිවයර ගැනීමටත් තීරණය විය.

අනතුරු ව එමිරේට්ස්හි ශ්‍රී ලාංකික විදේශ රැකියා නියෝජිතයන්ගේ සංවිධානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට, රජයේ නිලධාරීන්ට, මාධ්‍යවේදීන්ට, රැකියා නියෝජිතයන්ට සහ තොරතුරු අවශ්‍ය වෙනත් ඕනෑ ම පාර්ශ්වයකට ඍජු ව සම්බන්ධ විය හැකි තොරතුරු මධ්‍යස්ථානයක් සහ නිල වෙබ් අඩවිය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අජ්මාන්හි දී විවෘත කරනු ලැබීය.