Friday, October 25, 2024
Follow Us
ශ්‍රී ලංකාවට ස්විස්ටර්ලන්තයේ ලැබෙන සහාය

යෝජිත ඩිජිටල්කරණ සහ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා ස්විස්ටර්ලන්ත අත්දැකීම් ඇසුරෙන් සහාය දීමට හැකි බවත්, ඩිජිටල්කරණ වැඩපිවෙළට පූර්න සහාය ලබාදෙන බවත් මෙරට සිටින ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා සඳහන් කළේය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සහ ස්විස්ටර්ලන්ත තානාපති Dominik Furgler මහතා අතර පැවති සාකච්ඡාවකදී තානාපතිවරයා ඒ සඳහා එකඟතාවය පළ කර තිබේ.

සමාජ ආරක්ෂණ ක්‍රමවේදයක් හඳුන්වාදීම, කම්කරු දෙපාර්තමේන්තුව සහ විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණයට ලක් කිරීම ඇතුළු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ විෂය පථය තුළ මේ වසරේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධයෙන් ද සාක්ච්ඡාවක් මෙහිදී සාකච්ඡාවට ලක්විය.

විදේශ ගත ශ්‍රමිකයන්ට දී ඇති මනුසවි විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් කළ පැහැදිළි කිරීමෙන් අනතුරු ව සියලු ශ්‍රමිකයන් ඉලක්ක කරගෙන ක්‍රියාත්මක කරන සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ස්විසටර්න්තයේ අත්දැකීම් සහ දායක්තවය ලබාදීම සම්බන්ධයෙන් තානාපතිවරයා සාධනීය ලෙස ප්‍රතිචාර දක්වා තිබේ. ඒ සඳහා අවශ්‍ය පූර්ණ සහාය ලබාදීමට තානාපතිවරයා එකඟතාවය පළ කළේය.

සංහිදියා යාන්ත්‍රණය තවදුරටත් ශක්තිමත් කරමින් සත්‍ය ගවේෂණ කොමිසමක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය පිළිබව ද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යවරයා තානාපතිවරයාට කරුණු දැක්වූ අතර එම පියවර තානාපතිවරයාගේ ඇගයීමට ද ලක්විය.