Friday, October 25, 2024
Follow Us
The U.S. values Sri Lanka’s partnership and is keen to further strengthen ties

The U. S. appreciates the recovery efforts undertaken by President Wickremesinghe to resolve the economic crisis.

The United States values Sri Lanka’s partnership and is keen to further strengthen ties between the two countries through a broad array of partnerships, said Rear Admiral Eileen Laubacher, Senior Director for South Asia, National Security Council.


This was revealed by Ms. Laubacher while she met with President Ranil Wickremesinghe this morning (11) at the Presidential Secretariat.
During the meeting, the Rear Admiral expressed her government’s appreciation for the recovery efforts undertaken by President Wickremesinghe in regard to the economic crisis in the country.


President Wickremesinghe outlined the government’s economic plans including the economic reforms being undertaken.
The President also discussed maritime matters, including the increased efforts by the Government to crack down on the narcotics trade.
Ms. Laubacher also met Senior Advisor to the President on National Security and President’s Chief of Staff Mr. Sagala Ratnayaka following the meeting with the President.


ජනපති හමු වූ එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂවරිය


එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් ( Eileen Laubacher ) මහත්මිය අද (11) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
රටේ වත්මන් ආර්ථික ගැටලුවලට විසඳුම් සෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ඇති සාධනීය පියවර පිළිබඳ ඇමෙරිකානු රජයේ ප්‍රසාදය අයිලීන් ලෝබකර් මහත්මිය විසින් මෙහිදී ජනාධිපතිවරයා වෙත පළ කළාය.
ශ්‍රී ලංකාවේ සිදු කෙරෙමින් පවතින නව ආර්ථික ප්‍රතිසංස්කරණ ඇතුළු ඉදිරි ආර්ථික සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා ලෝබකර් මහත්මිය දැනුවත් කළ අතර මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධ කරුණු මෙන්ම ඒ සඳහා සමුද්‍රීය සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කළේය.
ලෝබකර් මහත්මිය මෙහිදී සදහන් කළේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ හවුල්කාරිත්වය අගය කරන අතරම දෙරට අතර හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට උනන්දුවෙන් පසුවන බවයි.
මින් අනතුරුව එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ දකුණු ආසියානු අංශයේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ රියර් අද්මිරාල් අයිලීන් ලෝබකර් මහත්මිය ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාද හමු වී සාකච්ඡා කළාය.