Friday, October 25, 2024
Follow Us
පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම්වරයා දිවයිනට

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් ස්ටීවන් ට්විග් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (10) රාත්‍රී දිවයිනට පැමිණීයේය.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කාරක සභා සභාපති අංගජන් රාමනාදන් මහතා සහ සහකාර මහ‍ලේකම් ටිකිරි ජයතිලක මහතා විසින් මහලේකම්වරයා ඇතුළු පිරිස පිළිගනු ලැබිණි.

ට්විග් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට ඒ මහතා සමඟ පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ උපාය මාර්ගික සහ කාර්යය ප්‍රධානී එමිලී ඩේවීස් මෙනවිය ද පැමිණියාය.

පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් ස්ටීවන් ට්විග් මහතාගේ මෙරට සංචාරය අතරතුර දී ජනාධිපතිවරයා, අගමැතිවරයා, කථානායකවරයා, සභානායකවරයා, විපක්ෂ නායකවරයා, විදේශ අමාත්‍යවරයා ඇතුළු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් මෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කිරීමට නියමිතයි.