Friday, October 25, 2024
Follow Us
1 වසරේ දරුවා ගුරුතුමියට වෙඩි තියයි

අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන සය හැවිරිදි දරුවෙකු සිය ගුරුවරියට වෙඩි තබා තිබේ.


ගුරුවරිය සහ පළමු වසරේ ඉගෙනුම ලබන දරුවා අතර බහන්බස් වීමක් සිදු වී ඇති අතර දරුවා පන්ති කාමරය තුළදී වෙඩි ප්‍රහාරය එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ තිස් හැවිරිදි ගුරුවරියගේ තත්ත්වය බරපතළ බව වෛද්‍යවරුන් පවසා ඇත.
ඇය මේ වන විට පසුවන්නේ දැඩි වෛද්‍ය අධීක්ෂණය යටතේ බවද වාර්තා වෙයි.


විමර්ශන නිලධාරීන් පවසන්සේ මෙය අහඹු අනතුරක් නොවන බවය.


වෙඩි ප්‍රහාරය එල්ලකල සය හැවිරිදි දරුවා මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇත.


දරුවා ගිනි අවියක් ලබා ගත්තේ කෙසේ ද යන්න පිළිබඳව විමර්ශන මෙතෙක් අනාවරණය වී නැත.


ARUNA