Friday, October 25, 2024
Follow Us
අමෙරිකාව සහ කැනඩාවට අධික ශීත කාලගුණික තත්ත්වයක්

අමෙරිකාව සහ කැනඩාවට අධික ශීත කාලගුණය හේතුවෙන් දැඩි බලපෑමක් එල්ලවෙමින් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට අමෙරිකාවේ උෂ්ණත්වය සෙල්ෂියස් අංශක සෘණ 55 ක් දක්වා පහත වැටෙනු ඇති බවයි. ඒ අනුව මෙවර නත්තල දශක ගණනාවකට පසු උදාවන අධික සීතලම නත්තලම වනු ඇති බවටයි අනාවැකි පළ කර ඇත්තේ.

පවතින තත්ත්වය හේතුවෙන් නත්තල් සමයේ නියමිතව තිබූ ගුවන් ගමන් රැසක් මේ වන විටත් ප්‍රමාදවී ඇති බවද එම වාර්තාවල සඳහන්.

නත්තල් සමය යනු අමෙරිකාවේ කාර්යබහුලම ගුවන් ගමන් සමයක්. ප්‍රධාන ගුවන් තොටුපළ රැසක්ම දැනටමත් සිය ගුවන් ගමන් අවලංගු කර තිබෙනවා. මේ හේතුවෙන් නත්තල් සති අන්තය අමෙරිකානු ජනතාවට අපේක්ෂිත සති අන්තයක් නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අමෙරිකාවට මෙලෙස දැඩි ශීත කාලගුණයක් අපේක්ෂා කරන්නේ ආක්ටික් ශීත කුණාටුව හේතුවෙන්. ඒ සමඟම අධික ශීත කාලගුණය සම්බන්ධයෙන් අමෙරිකාවේ ජීවත් වන මිලියන 100 කට අදික පිරිසකට මේ වන විටත් අනතුරු ඇඟවීම් සිදුකර තිබෙනවා.

Neth