Friday, October 25, 2024
Follow Us
බොරතෙල් මිල ඉහළට

එක්සත් ජනපද කලාපයේ පවතින ශීත කාළගුණ තත්වයත් සමඟ යළි ලෝක වෙළදපලේ බොරතෙල් මිල ඉහළ යමින් පවති.

පසුගිය සතියේ ඩොලර් 79 දක්වා අඩුවුණු බොරතෙල් මිල (22) වන විට ඩොලර් 83 ඉක්මවා ඇත.

 

උතුරු ඇමරිකානු කලාපයට බලපා හැකි හිම කුණාටු තත්වයන් සමඟයි බොරතෙල් මිල මෙලෙස ඉහළ යාම ආරම්භ වුණේ.

 

මේ අතර කොවිඩ් තත්වයෙන් පසු චීනය නැවත විවෘත වීමත් සමඟ ලබන වසරේදී බොරතෙල් මිල ඩොලර් 120 දක්වා ඉහළ යන තත්වයක් මතුවිය හැකි බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

 

Aruna