Friday, October 25, 2024
Follow Us
කලම්බු ස්ටාර්ස් අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ (22) සමත් විය.

ඊයේ පැවැති දෙවන අවසන් පූර්ව තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 6ක් දැවී ලකුනු 168ක් රැස්කර ගැනීමට සමත් විය.

 

එහිදී නායක වනිදු හසරංග පන්දු 34කදී ලකුණු 77ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් ද සමගයි.

 

අෂේන් බණ්ඩාර ලකුණු 40යි.

 

පන්දු යැවීමේදි කලම්බු ස්ටාර්ස් කණ්ඩායම වෙනුවෙන් කසුන් රාජිත කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

 

අනතුරුව පිටියට පැමිණි කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5කදී කඩුළු 4ක් දැවී ලකුණු 169ක් රැස්කරගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

 

කලම්බු කණ්ඩායම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 64ක් රැස්කර ගැනීමට සමත් විය.

 

රවී බොපාරා නොදැවී ලකුණු 29යි.

 

නායක ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 21යි.

 

පන්දු යැවීමේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම වෙනුවෙන් කමිදු මෙන්ඩිස් කඩුළු දෙකක් දවා ගැනීමට සමත් විය.

 

කඩුළු 4ක් දවා ගත් කසුන් රාජිතට තරගයේ විරයා සම්මානය හිමිවිය.

Aruna