Friday, October 25, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ හරිත සංවර්ධන ක්‍රියාවලියට ඉන්දියාවේ උපරිම සහය

ශ්‍රී ලංකාවේ හරිත සංවර්ධන ක්‍රියාවලියට ඉන්දියාවේ උපරිම සහය ලබාදෙන බව මෙරට සිටින ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ පවසනවා.

ආර්ථික හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීම පමණක් නොව දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කරන පරිසර හිතකාමී ප්‍රතිපත්තිය නිර්මාණය කිරීම සඳහා දෙරට විසින් ගන්නා ඒකාබද්ධ ප්‍රයත්නයන් සමඟ ද කටයුතු කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් සීතාවක උද්භිත උද්‍යානයේ සංචාරයක යෙදෙමින් ඉන්දිය මහ කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළා. එහිදී ගෝපාල් බග්ලේ ඉන්දියාවේ 75 වන නිදහස සමරමින් සීතාවක උද්භිත උද්‍යානයේ පැළයක් ද රෝපණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ ඉන්දීය අගමැති මෙන්ම ජී20 කණ්ඩායමේ වත්මන් සභාපතිවරයා වන නරේන්ද්‍ර මෝදි යටතේ අසල්වැසි රාජ්‍යයන්ට ද ප්‍රතිලාභ රැසක් හිමිව ඇති බවයි.

Neth