Friday, October 25, 2024
Follow Us
තවත් රටක ඖෂධ හිඟයක්

පාකිස්තානය තුළ පවතින ආර්ථික හා මූල්‍ය අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස දැඩි ඖෂධ හිඟයකට මුහුණ පා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

පාකිස්තානය තුළ දරුණු ලෙස ජීවිතාරක්ෂක ඖෂධවල හිඟයක් ඇති බව එරට මාධ්‍ය උපුටා දක්වමින් විදෙස් වාර්තා කරයි.

 

පාකිස්තාන රජය මුහුණපා සිටින විදේශ විනිමය අර්බුදය හමුවේ ඖෂධ ආනයනය කිරීමට නොහැකිවීම මෙම ඖෂධ හිඟයට ප්‍රධාන හේතුව වී තිබේ.

 

ඒ අනුව දියවැඩියා රෝගීන් සඳහා ලබාදෙන ඖෂධ පවා පාකිස්තානය තුළ සොයාගැනීම අපහසු වී ඇතැයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

 

ඊට අමතරව කරච්චි නුවර ඖෂධ අලෙවිසැල්වල තත්ත්වය දිනෙන් දින නරක අතට හැරෙමින් ඇති බවද එරට මාධ්‍ය වාර්තා කර ඇත.

Aruna