Friday, October 25, 2024
Follow Us
පුවත්පෝර්ට් සිටිය වීසා නිකුත් කෙරෙයි!

කොළඹ වරාය නගරය (පොර්ට් සිටි) සඳහා නව වීසා වර්ග හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණ හා සංචාරක වැනි විවිධ සේවාවන් සඳහා පැමිණීමට නියමිත ආයෝජකයන් සහ අනෙකුත් අදාළ පාර්ශ්වයන්ට වීසා නිකුත් කිරීම සහ ඊට අදාළ කාර්යයන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ඉටු කළ යුතුව ඇත.

ඒ අනුව, කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිර්දේශ මත පදනම්ව පහත සඳහන් වීසා කාණ්ඩයන් හඳුන්වා දීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා මහජන ආරක්ෂක ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.

‘වාස වීසා’ කාණ්ඩය යටතේ ආයෝජකයන් සඳහා “ආයෝජන වීසා” කාණ්ඩය, සේවා නියුක්තිකයන් වෙනුවෙන් “සේවා නියුක්ති වීසා” කාණ්ඩය සහ කොළඹ වරාය නගරය තුළ බදු පදනම මත වාසය කරනු ලබන විදේශිකයන් සඳහා “සීපීසී නේවාසික දේපළ බදු ගැනුම්කරු වීසා” කාණ්ඩය මෙලෙස හඳුන්වාදීමට අනුමැතිය හිමිව ඇත.

මේ අතර මැදපෙරදිග (සෞදි අරාබියාවේ) විශාලතම සමූහ ව්‍යාපාරයක් වන අජ්ලාන් සමුහය (Ajlan and Bros Holding Group) කොළඹ වරාය නගරයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම සඳහා, වරාය නගර ව්‍යාපෘතියේ මෙහෙයුම් සමාගම වන චෙක් හි (CHEC) අනුබද්ධ සමාගමක් වන CHEC in Riyadh සමග ගිවිසුම්ගත වී ඇත. එම ව්‍යාපෘතිවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 1.3 කි.

Mirror