අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ලට විරෝධතාකරුවන් කඩාවැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කැරැල්ලක් මෙහෙයවීම ඇතුළු අපරාධ චෝදනාවලට මුහුණ දිය යුතු බව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ පරීක්ෂණ කමිටුව පවසනවා.
එම පරීක්ෂණ සිදුකළේ ඩිමොක්‍රටික් පක්ෂයේ සාමාජිකයින් ප්‍රමුඛ කමිටුවක්. මාස 18 ක කාලයක් පුරා එම විමර්ශන සිදු කර තිබෙනවා.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරීම සඳහා එම කමිටුව ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඉකුත් අමෙරිකානු ජනාධිපතිවරණයේ පරාජය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ගේ හිටපු සහායකයෙකු වන හෝප් හික්ස්ගේ හඬ පටයක් ද කමිටුව විසින් ඉදිරිපත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් ට්‍රම්ප්ට එරෙහිව චෝදනා 04 ක් ඉදිරිපත්ව ඇති බවයි පැවසෙන්නේ.
2021 ජනවාරි මස 06 වන දින කොංග්‍රස් ගොඩනැගිල්ලට කඩා වැදුණු ට්‍රම්ප් ආධාරකරුවන් බව කියන විරෝධතාකරුවන්, ජෝ බයිඩ්න් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශ කිරීමට බාධා එල්ල කළා. එහෙත් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අදාළ කමිටුව දැඩිව විවේචනයට ලක් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
Neth