Friday, October 25, 2024
Follow Us
පාසල් නිළ ඇඳම් රෙදි චීනෙන්

එළඹෙන 2023 වසරේ මෙරට පාසල් සිසුන් වෙත ලබාදීම සඳහා නිල ඇඳුම් රෙදි තොගයක් පරිත්‍යාග කිරීමට සැලසුම්කර ඇති බව චීන තානාපති කාර්යාලය පවසයි.

 

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් චීන තානාපති කාර්යාලය මේ බව සඳහන් කර තිබේ.

 

මෙම පරිත්‍යාගය හරහා මෙරට වාර්ෂික නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70ක ප්‍රමාණයක් සපුරාලීමට හැකි බවද චීන තානාපති කාර්යාලය පවසයි.

 

මෙලෙස පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇති නිල ඇඳුම් රෙදි තොගයේ වටිනාකම රුපියල් බිලියන 5ක් පමණ වන බවද එම ට්විටර් පණිවුඩයේ සඳහන්.

 

මෙම නිල ඇඳුම් රෙදි ඇඳුම් රෙදි තොගයේ පළමු කොටස එළඹෙන ජනවාරි මස 06 වනදා කොළඹ වරාය වෙත ලඟාවීමට නියමිත බවය.

 

එම රෙදි කන්ටේනර් 20ක් අසුරා ඇති බවත් එහි රෙදි මීටර් මිලියන 3ක් තිබෙන බවත් වැඩිදුරටත් සඳහන්ව ඇත.

Aruna