Friday, October 25, 2024
Follow Us
කැන්ඩි ෆැල්කන්ස් පිලට කඩුලු 09ක විශිෂ්ඨ ජයක්

LPL ක්‍රිකට් තරගාවලියේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සමග පැවැති තරගයෙන් කඩුළු 09 ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම ඊයේ සමත්වුණා.

කාසියේ වාසිය දිනූ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි. ඒ අනුව පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට සියලුදෙනා දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 106 ක් පමණයි.

නායක ඇන්ජලෝ මැතිව්ස් පන්දු 38 කදී ලකුණු 41 යි. දිනේෂ් චන්දිමාල් ලකුණු 20 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී චාමික කරුණාරත්න ලකුණු 11 කට කඩුළු 04 ක් දවා ගත්තා. ඔෂේන් තෝමස් ලකුණු 20 කට කඩුළු 03 යි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 16 ක් තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 108 ක් ලබා ගනිමින් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

කමිඳු මෙන්ඩිස් පන්දු 48 කදී නොදැවී ලකුණු 51 යි. ඒ, හතරේ පහර 05 ක්ද සමගින්. ඇන්ඩේ‍ර ෆ්ලෙචර් පන්දු 41 කදී හයේ පහර 02 ක් සහ හතරේ පහර 04 ක් සමගින් නොදැවී ලකුණු 44 යි.

Neth