Friday, October 25, 2024
Follow Us
ලොව විශාලතම මාළු ටැංකිය පුපුරා යයි - මසුන් දහස් ගණනක් මරුට

ලොව විශාලතම සිලින්ඩාකාර මත්ස්‍ය ටැංකිය පුපුරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බර්ලිනයේ රැඩිසන් බ්ලු හෝටලයේ පිහිටා ඇති ඇක්වා ඩොම් නම් මෙම මත්ස්‍ය ටැංකිය මත්ස්‍ය විශේෂ 100 කට අධික ප්‍රමාණයක මාළුන් 1500 කට නිවහන වී තිබූ බවත් උසින් මීටර් 15.85 ක් බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

 

වතුර ලීටර මිලියනයක් ගබඩා කර තිබී ඇති මෙම ජල ටැංකිය පුපුරා යෑමෙන් එහි වීදුරු කැබලි ඇඟේ වැදී පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.

 

වතුර ගලා ඒම හේතුවෙන් හෝටලයටද සැලකිය යුතු හානියක් සිදුව ඇතැයි බර්ලින් ගිනි නිවන භටයෝ පැවැසූහ.

 

මාළු ටැංකිය පුපුරා යාමෙන් මාළුන් විශාල ප්‍රමාණයක් මියගියද වතුර එක් රැස් වී තිබූ ස්ථාන වල සිටි මාළුන් කිහිපදෙනකු බේරා ගැනීමට හැකි වූ බව බර්ලින් ගිනි නිවන භටයන් ප්‍රකාශ කර ඇත.

 

ඇක්වා ඩොම් 2003 වසරේ විවෘත වී ඇති අතර එය නිර්මාණය කිරීමට යුරෝ මිලියන 12.8 ක මුදලක් වැය වී ඇත

 

Aruna