Friday, October 25, 2024
Follow Us
රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ කොටසක් අඳුරේ

රුසියාව එල්ල කළ ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම තවදුරටත් විසන්ධි වී තිබෙනවා. ඊයේ දිනයේ දී රුසියාව යුක්‍රේනයට මිසයිල ප්‍රහාර හැත්තෑ හයක් සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමඟ යුක්‍රේනයේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇනහිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් එලෙස බිඳ වැටුණු ප්‍රදේශවලින් අඩක පමණ විදුලි සැපයුම ඊයේ පස්වරුව වන විට යථා තත්ත්වයට පත් කර තිබුණා. යුක්‍රේනයේ දෙවන ප්‍රධානතම නගරය වන කාර්කිවු නගරයට රුසියානු ප්‍රහාර වලින් දැඩි හානි සිදුව තිබෙනවා.

ප්‍රහාර එල්ල වීමත් සමඟ කාර්කිව් නගරයේ විදුලි සැපයුම පැය ගණනාවක් විසන්ධි වී පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

යුක්‍රේන විදුලි බල ජාල ක්‍රියාත්මක කරන ආයතනය ප්‍රකාශ කර ඇත්තේ ඇතැම් ප්‍රදේශවලට සිදුව ඇති දැඩි හානි හේතුවෙන් එම ප්‍රදේශවල විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට වැඩි කාලයක් ගත වනු ඇති බවයි.

රෝහල්, ජල සැපයුම් වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන ස්ථාන වල විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට මුද්‍රණ බලධාරීන් ප්‍රමුඛතාව ලබා ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්.


Neth