Friday, October 25, 2024
Follow Us
ලොව ධනවතාගේ නාමය එලෝන් මස්ක්ගෙන් ගැලවෙයි

ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටි ප්‍රකට ව්‍යාපාරික අමෙරිකාවේ එලෝන් මස්ක් එම ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.

මෙම සුපිරි ධනවතා ඉකුත් සමයේ දැඩි කතාබහට ලක්වූයේ ට්විටර් සමාජ මාධ්‍ය ජාලය මිලදී ගැනීමත් සමඟයි. කෙසේවෙතත් එලෝන් මස්ක්ගේ ප්‍රධාන ව්‍යාපාරය වන ටෙස්ලා විද්‍යුත් මෝටර් රථ සමාගමේ කොටස් වටිනාකම පහළයාම හේතුවෙන් මෙලෙස ඔහුට ලොව ධනවතාගේ නාමය අහිමිවී ගොස් තිබෙනවා.

මේ වන විට ලොව ධනවතා බවට පත්ව සිටින්නේ ලොව ප්‍රකට විලාසිතා සහ රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමක් වන ප්‍රංශ ජාතික ව්‍යාපාරික බර්නාඩ් ආර්නෝල්ට් සමාගමයි.

මේ අතර එලෝන් මස්ක් සිය ටෙස්ලා සමාගමේ කොටස් මිලියන 22 ක් අලෙවි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. එහි සම්පූර්ණ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 3 යි දශම 5 යි 8 ක්. කෙසේවෙතත් මෙම කොටස් අලෙවියට නිෂ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය කරගෙන නැහැ.

Neth