Friday, October 25, 2024
Follow Us
කොවිඩ් තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවෙයි

කොවිඩ් වසංගතය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් නොවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩ්හොම් ගෙබ්‍රියේසිස් පවසයි. හෙතෙම මේ බව පැවැසුවේ ජිනීවා නුවර පැවැති මාධ්‍ය හමුවකදීය.

කොවිඩ් වසංගත අවධානම අවසන් බවට නිල වශයෙන් දැනුම්දීම මේ වසර අවසන් වීමට පෙර සිදුකරන බවද හෙතෙම එහිදී පැවැසීය.

 

කොවිඩ් වසංගතයට මෙන්ම මන්කි පොක්ස් වසංගතයට ද ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශකර ඇතත් එම රෝගය ද දැන් අවධානම් මට්ටම පසුකර ඇති බව ගෙබ්‍රියේසිස් අනාවරණය කළේය.

 

''කොවිඩ් සහ මන්කි පොක්ස් තවදුරටත් ලෝකයට තර්ජනයක් නෙමෙයි. 2023 නව වසර එළැබෙන විට මෙම වසංගත සඳහා පනවා තිබූ ගෝලීය හදිසි තත්ත්ව ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

 

ඒ අනුව සෞඛ්‍ය සීමා සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කිරීමට හැකිවේවි. නමුත් කොවිඩ් වසංගතයෙන් ඉගෙනගත් පාඩම්වලින් යළි එවැනි තත්ත්වයක් ඇති නොවන ලෙස කටයුතු කරන්න ලෝකය වගබලා ගත යුතුයි'' යනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසීය.

Aruna