Friday, October 25, 2024
Follow Us
එල්.පී.එල් කොළඹ එයි

එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ හෙට (17 වැනිදා) සිට ලබන 23 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය දක්වා සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තරග ආරම්භ කරමින් දසුන් ශානකගේ දඹුල්ල අවුරා සහ කුසල් මෙන්ඩිස්ගේ ගෝල් ග්ලැඩියේටර්ස් හෙට ප.ව. 3.00ට තරග වඳිනු ඇත.

 

මේ අතර මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ රැදී සිටීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්ව තිබේ.

 

ඔවුන් හිමිකර ගෙන ඇති ලකුණු සංඛ්‍යාව 10කි.

 

තිසර පෙරේරාගේ නායකත්වය ලබාදෙන ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරග 6කින් 4ක් ජයගෙන රැස්කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 8කි.

 

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම තෙවන ස්ථානයේ පසුවේ.

 

ඔවුන් තරග තරග 6කින් ජයගෙන ඇත්තේ තරග 3ක් පමණීයි.

 

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 6කි.

 

කුසල් මෙන්ඩිස් නායකත්වය දරණ ගෝල් ග්ලැඩියේටර්ස් ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිව්වන ස්ථානයේ රැදී සිටියි.

 

දසුන් ශානක නායකත්වය දරණ දඹුල්ල අවුරා කණ්ඩායම තරග 5කට සහභාගි වී එම තරග සියල්ලම පරාජයට පත්ව අවසන් ස්ථානයේ පසුවේ.

 

Aruna