Friday, October 25, 2024
Follow Us
ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජපානයෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අඛණ්ඩව සහය වන බව ජපාන නියෝජිත පිරිස අවධාරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය මෙන්ම මෙම අභියෝගාත්මක වාතාවරණය හමුවේ මෙතෙක් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිසංස්කරණ සහ ක්‍රියාමාර්ග පිළිබඳ අවධානය යොමු කරමින් ඒ බව ප්‍රකාශ කළ බවයි මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය පැවසුවේ.

එම සාකච්ඡාවට ජපාන තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු මුදල් අමාත්‍යංශයේ නිළධාරීන් පිරිසක් එක්ව තිබෙනවා.

කෙසේ වෙතත් ඇමරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ මූල්‍ය සහනය මෙම මාසය අවසන් වීමට පෙර ශ්‍රී ලංකාවට ලබා දීමට අවස්ථාව නොලැබෙන බව එම අරමුදලේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවයි එම විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබුණේ. කෙසේ වෙතත් ණය මුදල ලබා ගැනීමට දෙසැම්බර් මාසයේ නොහැකි වුවද ජනවාරි මාසයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවසුවේ.

මේ අතර ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද පැවති මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ෆෙඩරල් යෝජනාව ගෙන ඒමෙන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමටද බාධාවක් වන බවයි.

Neth