Friday, October 25, 2024
Follow Us
ප්‍රබල ප්‍රංශය ෆිෆා අවසන් මහා සටනට සුදුසුකම් ලබයි

ෆිෆා පාපන්දු ලෝක කුසලාන දෙවන අවසන් පූර්ව තරගය ජය ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත්ව තිබේ.

ඒ අනුව ප්‍රංශය මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ආජන්ටිනාවට එරෙහිව තරග වැදීමට නියමිතයි.

 

ඒ දෙවන අවසන් පූර්ව තරගය 2ට 0ක් ලෙස මොරොක්කෝව පරාජයට පත් කරමිනි.

 

තරගය ආරම්භයේදීම ප්‍රංශය වෙනුවෙන් ප්‍රථම ගෝලය වාර්තා කිරීමට theo hernández සමත්විය.

 

තරගයේ 5වන මිනිත්තුවේදී ඔහු එල්ලකළ සුපිරි ප්‍රහාරය මොරොක්කෝ දැල් රකින්නා පසුකරමින් ගෝලයක් බවට පත්විය.

 

අනතුරුව තරගයේ පළමු අර්ධය නිමවනතුරු දෙපාර්ශවයම පාපන්දු පිටිය උණුසුම් කරමින් තරගවැදුනද එය ගෝලයක් ලබාගැනීමට ප්‍රමාණවත් නොවීය.

 

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවූයේ 1ට 0ක් ලෙස ප්‍රංශය පෙරමුණ ගෙනය.

 

දෙවන අර්ධයේදී යළි ක්‍රියාත්මක වූ ප්‍රබල ප්‍රංශ ක්‍රීඩකයින් තවත් ගෝලයක් සිය රට ඉදිරියේ සටහන් කිරීමට සමත්විය.

 

Randal Kolo Muani විසින් තරගයේ 79 වන මිනිත්තුවේදී එම ගෝලය වාර්තා කළේය.

 

ඒ අනුව එළඹෙන ඉරිදා (18) මෙවර ලෝක කුසලාන අවසන් මහා තරගය ප්‍රංශය සහ ආජන්ටිනාව අතර පැවැත්වෙනු ඇත.

 

Aruna