Friday, October 25, 2024
Follow Us
අයි.පී.එල්. කෝටි දෙකෙන් ඉහළ ලංසුවට ලංකාවෙන් 10ක්

මේ මස 23 වැනිදා පැවැත්වීමට නියමිත 2023 අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියට අයත් ක්‍රීඩක තරගාවලියට අයත් ක්‍රීඩක වෙන්දේසිය සදහා 405 දෙනෙකුගෙන් සමන්විත අවසන් ලැයිස්තුවට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 10දෙනෙකු ඇතුළත්ව සිටී.

අයි.පී.එල්. වෙන්දේසිය වෙනුවෙන් 991කින් සමන්විත මූලික ක්‍රීඩක ලැයිස්තුවක් පළමුවෙන් සකස් කෙරුණද, පසුව එය 405ක් දක්වා ලගු කෙරිණි. එකී අවසන් ලැයිස්තුවෙන් ඉන්දියානුවන් 273ක් සහ විදෙස් ක්‍රීඩකයන් 132කට අවස්ථාව සැලසෙනු ඇත.

 

ශ්‍රී ලංකාව වෙනුවෙන් අවස්ථාව ලද අදාළ ක්‍රීඩකයන් අතර එක්දින සහ විස්සයි විස්ස නායක දසුන් ශානක, කුසල් මෙන්ඩිස්, දුෂ්මන්ත චමීර, පැතුම් නිශ්ශංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ළහිරු කුමාර, ඩිල්ෂාන් මධුශංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ රැදී සිටී.

 

ඔවුන් සියලුදෙනාම ඉන්දීය රුපියල් ලක්ෂ පනහක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් දෙකෝටි විසි ලක්ෂයකට ආසන්න ආරම්භක මුදලින් වෙන්දේසියට එක්වනු ඇත.

 

ගියවර තරගාවලිය හා එක්වුණු විස්සයි විස්ස පිටියේ අංක එකේ දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසිනුත්, භානුක රාජපක්ෂව පංජාබ් කිංග්ස් කණ්ඩායම විසිනුත් රදවාගෙන තිබිණි.

 

Aruna