Friday, October 25, 2024
Follow Us
IMF මඟහරියි ලංකාවට ඉන්දිය සරණ විතරයි!

ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය සහනය මේ වසර අවසන්වීමට පෙර ලබාදීමට අවස්ථාවක් නොලැබෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශයකු සඳහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය දක්වා තිබේ.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් වෙනස්කම් සිදුවිය යුතු බවය.

කෙසේවුවද, රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවන්නේ තවමත් කඩා වැටී ඇති මුදල් තත්ත්වය ප්‍රකෘර්තිමත් කර ගැනීමට අසල්වැසි ඉන්දියාවෙන් තවත් ණයක් ඉල්ලා ගැනීමට සිදුවනු ඇති බවයි.

පසුගියදා හදිස්සියේම ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ මුදල් හා ආයතනික කටයුතු අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නවදිල්ලියේ දී හමුවී හමුවීමට ප්‍රධාන හේතුව මෙය බවද ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

වත්මන් ආර්ථික අර්බුදය තුළ ඉන්දීය ආර්ථික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් මහ කොමසාරිස් මොරගොඩ මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට අමාත්‍ය සීතාරාමන් මහත්මිය සමඟ සාකච්ඡා වට ගණනාවක් පවත්වන ලදී.

ඔවුන් අතර සිදුව තිබූ ආසන්නතම හමුවද, ආර්ථීක හා මුල්‍ය සබඳතා තව දුරටත් දිරියට ගෙනයෑම පිළිබඳව සාකච්ඡාක් බව අදාළ හමුවෙන් පසුව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව දැනට කරගෙන යන සාකච්ඡා සහ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වත්මන් තත්ත්වය පිළිබඳව, මහ කොමසාරිස් මොරගොඩ මහතා එහි දී අමාත්‍ය සීතාරාමන් මහත්මිය දැනුම්වත් කර තිබිණි.

මොරගොඩ මහතා ආර්ථික සංකෝචනය ශ්‍රී ලංකාවේ ජනගහනයේ දුප්පත් සහ අවදානමට ලක්විය හැකි කොටස් කෙරෙහි ඇති කරන දැඩි බලපෑම පිළිබඳව ද මෙහි දී සඳහන් කර තිබිණි.

Mirror