Friday, October 25, 2024
Follow Us
කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට තියුණු ජයක්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඊයේ සමත් විය.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 5ක් දැවී ලකුණු 193ක් රැස්කර ගැනීමට සමත් විය.

 

ගෝල් කණ්ඩායම‌ වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ නායක කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ද සමගිනි.

 

අෂාඩ් සාෆික් ලකුනු 58ක් රැස්කර ගත්තේ පන්දු 33කදීයි.

 

ඊට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වේ.

 

පන්දු යැවීමේදී කලම්බු ස්ටාර්ස් කන්ඩායම වෙනුවෙන් නවීන් උල් හක් කඩුළු 2ක් දවාගත්තේය.

 

අනතුරුව පිටියට පැමිණි කලම්බු ස්ටාර්ස කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී ලකුණු 197ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

 

කලම්බු කණ්ඩායම වෙනුවෙන් දිනේශ් චන්දිමාල් ලකුණු 63ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් ද සමගිනි.

 

චරිත් අසලංක ලකුණු 46යි.

 

රවී බොපාරා ලකුණු 31ක් රැස්කර ගත්තේ පන්දු 12ක් තුළදීයි.

 

ඊට දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 5ක් ද සමගිනි.

 

පන්දු යැවීමේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර කඩුළු 3ක් දවා ගැනීමට සමත් විය.

 

අන්වර් අලී කඩුළු 3ක් ද දවාගත්තේය.

 

ඒ අනුව මෙම තරගයේ ජය කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට හිමිවිය.

 

කලම්බු ස්ටාර්ස් කණ්ඩායමේ රවී බොපාරාට තරගයේ වීරයා සම්මානය හිමිවිය.

 

Aruna