Friday, October 25, 2024
Follow Us
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මගී යාත්‍රා සේවාවක්

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අද වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

 

මෙම වැඩපිලිවෙලේ ප්‍රථම පියවර ලෙස කන්කසන්තුරේ සහ පාන්ඩිචෙරි අතර මගී යාත්‍රා (ෆෙරි) සේවාවන් ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සදහන් කරයි.

 

දඹදිව වන්දනාවේ යන ශ්‍රී ලාංකික බැතිමතුන්ට මෙන්ම ව්‍යාපාර කටයුතු වල නිරත වන පිරිස් වලට මෙම මගී යාත්‍රා සේවාව විශාල සහනයක් වනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

 

මෙහි ගාස්තු පිළිබදව යාත්‍රා හිමියන් පැවසුවේ මෙවැනි දෙයකි.

 

එක් මගියෙකුගේ එක් ගමන්වාරයක ගාස්තුව ඇමරිකානු ඩොලර් 60 ක් වගේම, කිලෝග්‍රෑම් 100 බරකින් යුතු භාණ්ඩ රැගෙන යන්න පුළුවන්.

 

Aruna