Friday, October 25, 2024
Follow Us
LPL තරගාවලියේ තවත් තරග දෙකක් අද

ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන කැන්ඩි ෆැල්කන්ස් ට

 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (12) පැවැත්වීමට නියමිතව තිබේ.

 

එහි පළමු තරගය පස්වරු 3.00ට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි.

 

දෙවන තරගය රාත්‍රී 7.30ට කලම්බු ස්ටාර්ස් සහ ජැෆ්නා කිංග්ස් යන කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබේ.

 

මේ අතර LPL ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට වනිදු හසරංග නායකත්වය දරණ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්ව තිබේ.

 

ඒ ඔවුන් මුහුණදුන් තරග 3ම ජයග්‍රහණය කිරීමත් සමගයි.

 

ජැෆ්නා කිංග්ස් තරග 4කට මුහුණ දී ඇති අතර එම කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවෙයි.

 

කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ පසුවන අතර දඹුල්ල අවුරා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5වන ස්ථානයේ පසුවෙයි.

Aruna