Friday, October 25, 2024
Follow Us
ජැෆ්නා කිංග්ස් දඹුල්ල අවුරා පරදවයි

තරගයේ වීරයා ගුරුබාස්

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වන තරගයේ ජය වාර්තා කිරීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්ව තිබේ.

 

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 4ක් දැවී ලකුණු 240ක් රැස්කර ගැනීමට සමත් විය.

 

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පිතිහරඹයක නිරත වූ රහමනුල්ලා ගුරුබාස් ලකුණු 73ක් රැස්කර ගත්තේ පන්දු 35ක් තුළදීයි.

 

ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් ද ඇතුළත් වේ.

 

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 54යි.

 

ඊට දැවැන්ත හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ද ඇතුළත් වේ.

 

සධීර සමරවික්‍රම නොදැවී ලකුණු 38යි

 

ෂොයිබ් මලික් ලකුණු 32යි.

 

පන්දු යැවීමේදී දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් ලහිරු කුමාර කඩුළු 2ක් දවාගැනීමට සමත් විය.

 

අනතුරුව පිටියට පැමිණි දඹුල්ල අවුරා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 8ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 189ක් පමණීයි.

 

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් නායක දසුන් ශානක ලකුණු 44ක් ලබාගත් අතර, ඔහුගේ එම ලකුණු සංඛ්‍යාව දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.

 

භානුක රාජපක්ස ලකුණු 38යි.

 

පන්දු යැවීමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් බිනුර ප්‍රනාන්දු කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.

 

සුමින්ද ලක්ෂාන් කඩුළු 2යි.

 

තරගයේ වීරයා සම්මානය හිමිවූයේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 73ක් රැස්කර ගත් රහමනුල්ලා ගුරුබාස්ටයි.

Aruna