Friday, October 25, 2024
Follow Us
ප්‍රංශය සහ මොරොක්කෝව පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

ප්‍රංශය සහ මොරොක්කෝව පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා. ඊයේ රාත්‍රියේ පැවැති තරගයෙන් ප්‍රබල පෘතුගාල කණ්ඩායම පරාජයට පත් කරමින් මෙරොක්කෝ කණ්ඩායම ජය ලැබුවේ ගෝල 01 ට 0 ක් ලෙසයි.

42 වන විනාඩියේදී මෙරොක්කෝ කණ්ඩායමේ යූසෆ් එන් නෙසීරි විසින් එම ගෝලය ලබා ගත්තා. පාපන්දු ශ්‍රේණිගත කිරීම්වලට අනුව පෘතුගාලය, 09 වන ස්ථානයේ පසුවන අතර මොරොක්කෝව පසුවන්නේ 22 වන ස්ථානයේයි.

අද අලුයම පැවැති තරගයෙන් එංගලන්ත කණ්ඩායම පරාජයට පත් කරමින් ගෝල 02 ට 01 ක් ලෙස ජයගැනීමට ප්‍රංශය සමත්වුණා. එම තරගයේ 17 වන විනාඩියේදී සහ 78 වන විනාඩියේදී ප්‍රංශය ගෝල වාර්තා කිරීමට සමත්වුණා.

Neth