Friday, October 25, 2024
Follow Us
කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය මෙරටට

පසුගිය රජය සමයේ නවතා දැමුණු කුළුනු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය යළිත් මෙරටට ලබාදීමට සම්බන්ධයෙන් සලකා බැලිමට ජපාන තානාපතිවරයා කැමැත්ත පළකර ඇත.

පසුගියදා මෙරට ජපාන තානාපති කාර්යාලයේ දී රුවන් විජයවර්ධන මහතා හා ජපන් තානාපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්විය.

 

එම හමුවෙන් අනතුරුව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා මේ බව පැවසීය.

 

ඔහු සඳහන් කළේ, ශ්‍රී ලංකා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා ගිවිසුම අත්සන් කළ පසුව අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජපානය සිය ස්ථාවරය පැහැදිලි කරනු ඇති බවය.

Aruna