Friday, October 25, 2024
Follow Us
ආර්ජන්ටිනාව අවසන් පූර්ව තරග වටයට

ආර්ජන්ටිනාව අවසන් පූර්ව තරග වටයට


2022 පාපන්දු ලෝක කුසලානයේ ආර්ජන්ටිනාව සහ නෙදර්ලන්තය අතර තරගයේ ජය ලයනල් මෙසීගෙ නායකත්වයෙන් යුතු ආර්ජන්ටිනා කණ්ඩායම සතු වුණා.

ඒ අනුව ආර්ජන්ටිනා කණ්ඩායම මෙවර ලෝක කුසලානය දිනා ගැනීමේ සිහිනය තවදුරටත් රඳවා ගත්තේ, අවසන් පූර්ව තරගවටය සඳහා සුදුසුකම් ලබමින්.

තරගයේ නියමිත කාලය අවසන් වන විට දෙපිළම ගෝල දෙක බැගින් ලබා ගත් අතර, තරගයේ ජයග්‍රාහකයා තීරණය වූයේ දඬුවම් පහර මගින්.

එහි දී 4- 3ක් වශයෙන් දඬුවම් පහර සාර්ථක කර ගත් ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

මේ අතර ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ ගිය වර ලෝක කුසලාන අනු ශූරයන් වූ ක්‍රොඒශියා කණ්ඩායම අතර පැවති තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට ක්‍රොඒශියාව සමත් වීමත් සමග බ්‍රසීල කණ්ඩායමේ ලෝක කුසලාන ගමන නිමා වුණා.

Aruna