Friday, October 25, 2024
Follow Us
ජනපති රනිල් සහ මාලදිවයින උප ජනාධිපති අතර හමුවක්

ජනපතිගෙන් මාලදිවයිනට ආරාධනයක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මාලදිවයින් උප ජනාධිපති ෆයිසාල් නසීම් අතර හමුවක් (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ අධි තාක්ෂණික අංශයේ, කෘෂිකර්මාන්තයේ, ධීවර සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජන කිරීම සඳහා මාලදිවයිනට ආරාධනා කරන බවයි.

දෙරට අතර පවතින දීර්ඝ කාලීන මිත්‍රත්වය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා එම ආරාධනය සිදුකර ඇත.

ඉන්දියන් සාගර කලාපයට බලපා ඇති මත්ද්‍රව්‍ය උවදුර පිළිබඳවත්, එය මැඩලීම සඳහා එක්ව කටයුතු කිරිම පිළිබඳවත් මෙහිදී නායක දෙපළ සාකච්ඡා කර තිබේ.

Aruna