Friday, October 25, 2024
Follow Us
ජීවත් වීමට සුදුසුම නගරය

රැකියාවක නිරත වීමට හොදම නගරයත් නම් කරයි

ලොව පුරා නගර අතරින් විදේශිකයින්ට ජීවත්වීමට සහ රැකියාවක නිරත වීමට සුදුසුම නගරය ලෙස ස්පාඤ්ඤයේ Valencia නගරය නම් කර තිබේ.

ලොව විශාලතම විදෙස්ගත ප්‍රජාව නියෝජනය කරන ඉන්ටර්නේෂන්ස් නම් සංවිධානය විසින් ලොව පුරා රටවල නගර 50ක් යොදාගනිමින් 2022 වසරේ සිදුකරන ලද සමීක්ෂණයෙන් මේ බව අනාවරණය කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ ඒ නගරවල ජීවන තත්ත්වය, පොදු ප්‍රවාහනය, නිවාස මිල, දේශගුණය, ආරක්ෂිතභාවය ඇතුළු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

විදේශිකයින් සඳහා ජීවත්වීමට සුදුසුම රටවල් අතර දෙවන ස්ථානයට ඩුබායි නගරය පත්ව ඇති අතර තෙවන ස්ථානයට මෙක්සිකෝ නගරය පත්ව තිබේ.

එම ලැයිස්තුවට අනුව විදේශිකයින් සඳහා ජීවත්වීමට නුසුදුසු නගරය ලෙස නම් කර ඇත්තේ දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නගරයයි.

Aruna