Friday, October 25, 2024
Follow Us
ලංකාවට තියුණු ජයක්

ඇෆ්ගනිස්තානයට එරෙහිව ලංකාව කඩුලු 4කින් ජය ලබයි


ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති තුන්වන සහ අවසන් එක්දින තරගය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය.

අවසන් මොහොතේ පිටියට පිවිසි දුනිත් වෙල්ලාලගේ ප්‍රවේගකාරී ඉනිමක් දියත් කරමින් ලකුණු 31ක් රැස්කළේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 83ක් රැස්කරගැනීමට සමත්විය.

ඔහුගේ ඉනිමට හයේ පහර 4ක් සහ හතරේ පහර 5ක් ඇතුළත් විය.

කුසල් මෙන්ඩිස් ලකුණු 67ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහර 8ක් සමඟිනි.

දසුන් ශානක හතරේ පහර 5ක් සමඟ ලකුණු 43ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ලකරමින් රෂීඩ් ඛාන් කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

මොහොමඩ් නබී කඩුලු 2ක් දවාගැනීමට සමත්විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 313ක් රැස්කිරීමට සමත්විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු සහ කසුන් රාජිත කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්විය.

ධනංජය ද සිල්වා එක් කඩුල්ලක් දවාගත්තේය.

Aruna