Friday, October 25, 2024
Follow Us
රථ වාහන වෙළෙඳපොළේ අලුත්ම තත්ත්වය

පළමු මාස 10 තුළ විද්‍යුත් වාහන 12,528ක් ලියාපදිංචියක්


තායිලන්තයේ රථ වාහන වෙළෙඳපොළ සම්බන්ධයෙන් ගැනීමට සැරසෙන සුවිශේෂී තීරණයක් පිළිබඳව මේ වනවිට අවධානය යොමුව තිබේ.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ තායිලන්තයේ විද්‍යුත් වාහන නිෂ්පාදනය සඳහා සිදු කෙරෙන ආයෝජන ඉහළ නැංවීම සම්බන්ධයෙන් විදේශ ආයෝජකයින්ගේ අවධානය යොමුව ඇති බවය.

විද්‍යුත් වාහන නිෂ්පාදනය කිරීමේ ආයෝජන වැඩි කිරීම එරට බලධාරීන්ගේ අපේක්ෂාව වන බවද එම වාර්තා සඳහන් කරයි.

ඒ අනුව ලබන වසර වන විට තායිලන්තයේ සමස්ත වාහන භාවිතයෙන් සියයට 30ක ප්‍රමාණයක් විද්‍යුත් වාහන බවට පරිවර්තනය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ.

මෙම වසරේ පළමු මාස 10 තුළ පමණක් එරට විද්‍යුත් වාහන 12,528 ක් ලියාපදිංචි වී ඇත.

එය පෙර වසරට සාපේක්ෂව සියයට 230 ක වර්ධනයක් බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර Toyota, Isuzu, Honda, Mitsubishi, Nissan සහ Ford වැනි ලොවපුරා අතිශය ජනප්‍රිය සන්නාම යටතේ වෙළෙඳපොළට නිකුත් කෙරෙන වාහන බහුතරයක ඇතැම් අමතර උපාංග නිෂ්පාදනය සිදුකෙරෙන්නේ ද තායිලන්තයේය.

Aruna