Friday, October 25, 2024
Follow Us
චීන ජනපතිට එරෙහිව මහජන විරෝධතා

ජනාධිපති සී ජින්පින්ට හා පාලක කොමියුනිස්ට් පක්ෂයට එරෙහිව චීනයේ නගර රැසක විරෝධතා පැවැත්වෙනවා.

විරෝධතාකරුවන් පවසන්නේ ජනාධිපතිවරයා මෙන්ම පාලක කොමියුනිස්ට් පක්ෂය ද බලය අතහැරිය යුතු බවයි.

රජයට එරෙහිව චීනය තුළ මෙලෙස විරෝධතා උත්සන්න වී ඇත්තේ එරට තුළ ක්‍රියාත්මක දැඩි කොවිඩ් රෙගුලාසිවලට එරෙහිවයි.

එම රෙගුලාසි ඉවත් කරන ලෙස බලකරමින් විරෝධතා ආරම්භ වූ අතර මේවනවිට එම විරෝධතා ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

 

චීනයේ මහල් නිවාස සංකීර්ණයක හටගත් ගින්නකින් ඉකුත් දා පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 09 දෙනෙකු තුවාල ලැබුවා.

චීන වැසියන් චෝදනා කරන්නේ දැඩි කොවිඩ් රෙගුලාසි මධ්‍යයේ අදාළ නිවාස සංකීර්ණය අගුලු දා තිබූ බැවින් ගින්න හටගත් අවස්ථාවේදී අදාළ පුද්ගලයින්ට සිය ජීවිත බේරා ගැනීමට නොහැකි වූ බවයි.

එමෙන්ම දැඩි කොරෝනා රෙගුලාසි හමුවේ ගිනි නිවන භටයින්ට අදාළ ස්ථානයට ලගාවීම ප්‍රමාද වූ බවට ද චෝදනා එල්ල වනවා.

එහෙත් කොවිඩ් රෙගුලාසි හේතුවෙන් අදාළ පුද්ගලයින් මියගිය බවට එල්ල වන චෝදනා චීන බලධාරීන් තරයේ ප්‍රතික්ෂේප කරනවා.

Neth