Friday, October 25, 2024
Follow Us
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන දෙවන එක්දින තරගය අත්හැර දැමේ

තරඟ විනිසුරුවරුන් ගත් තීරණය


සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

ඒ හේතුවෙන් එම තරගය අත්හැර දැමීමට විනිසුරුවරුන් තීරණය කළේය.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 228ක් රැස් කළේය.

එම ඉනිම වෙනුවෙන් රහ්මත් ෂා ලකුණු 58ක් සහ සහ රහ්මනුල්ලා ගුරුබාස් ලකුණු 68ක් ලබාගැනීමට සමත් වුණි.

පන්දු යැවීමේ දී කසුන් රාජිත කඩුලු 3ක් දවාගත් අතර මහිෂ් තීක්ෂණ කඩුලු 2ක් දවාත්තේය.

ඒ අනුව තරගය ජයගැනීම සඳහා ලකුණු 229ක ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 2යි පන්දු 4ක් තුළ ලකුණු 10ක් රැස්කරගෙන සිටියදී තරගයට වාර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අත්හැර දැමීමට තීරණය කර ඇත.

Aruna