Friday, October 25, 2024
Follow Us
Squid Game නළුවාට ලිංගික අපචාර චෝදනා

Squid Game නළු O Yeong-su ට ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.

78 වියේ පසුවන ඔහු, 2017 දී නුසුදුසු ලෙස කාන්තාවක් ස්පර්ශ කළ බවට චෝදනා එල්ල වී ඇතැයි එරට බලධාරීන් පවසයි.

කෙසේ වෙතත්, ඔහු විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

යොන්හැප් පුවත් ඒජන්සිය වාර්තා කරන අන්දමට, මෙම සිද්ධියට මුහුණ දුන් කාන්තාව විසින් පසුගිය දෙසැම්බර්දී මේ සම්බන්ධයෙන් මුලින්ම පැමිණිලි කර තිබුණු අතර, ඕ මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් නොවී අප්‍රේල් මාසයේදී එම නඩුව අවසන් කර තිබුණි.

කෙසේවෙතත්, වින්දිත ඉල්ලීම මත මෙම විමර්ශනය යළි ආරම්භ කර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඕ මහතාව රඳවා ගැනීමකින් තොරව ඔහුට චෝදනා ඉදිරිපත් කර තිබෙන බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Squid Game නාට්‍යයේ වැඩිමහලුම තරගකරුගේ චරිතයට පණපෙවූ ඕ මහතා, සහය නළුවාට හිමි ගෝල්ඩන් ග්ලෝබ් සම්මානයද දිනා ගත් පළමු දකුණු කොරියානු නළුවා බවටද පත් විය.

Mirror