Friday, October 25, 2024
Follow Us
ඉන්ධන ගැන රටටම සුබ ආරංචියක්

ඉන්ධන ගැන රජයෙන් විශේෂ තීරණයක්


රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇතිබව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසයි.

ඉන්දීය ප්‍රවෘත්ති නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ සෘජුවම රුසියාවෙන් හෝ ඉන්දියාව හරහා රුසියානු බොරතෙල් ලබාගැනීමට අවධානය යොමුව ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ,

“අප යුක්‍රේන යුද්ධයෙන් දැවැන්ත බලපෑමකට ලක්ව ඇති බව නොරහසක්. එහෙත් ඉදිරියේදී හෝ අපට රුසියාවෙන් බොරතෙල් ලබාගත හැකි නම් අප ඒ සඳහා කටයුතු කරනවා. දැනට පවතින තෙල් මිල අපට දැරිය නොහැකියි. වරක් අපේ ජනාධිපතිවරයා පැවැසු පරිදි දැවැන්ත රටවල් අතර සිදුවන ඝට්ටනවලදී අප වැනි කුඩා රටවලටයි වැඩිම බලපෑම ඇතිවන්නේ. ඒ අනුව අඩු මිලකට රුසියාවෙන් අපට බොරතෙල් ලබාගත හැකිනම් එහිදි ජාත්‍යන්තර නීති හා ආචාර ධර්ම උල්ලංඝනය නොවන්නේ නම් අප ඒ සඳහා නිසැකවම රුසියාව සමග කටයුතු කිරීමට නියමිතයි. රුසියාව සමග දීර්ඝ කාලීනව අපේ හොඳ සබඳතාවක් පවතින බවද කිව යුතුයි. මම විශ්වාස කරනවා රුසියාවෙන් අඩු මිලට බොරතෙල් ලබාගැනීම අනෙක් රටවලට ගැටලුවක් වී නොමැති බව.
මන්ද කිසිවෙකු රුසියානු තෙල් වෙළඳපොලට ඒම වළක්වන්න කැමැති නැහැ.”

Aruna