Friday, October 25, 2024
Follow Us
නෙළුම් කුලුනට අලුතෙන් එකතුවෙන දේ

ඩොලර් බිලියනයක දැවැන්ත ආයෝජනයක්


කොළඹ නෙළුම් කුලුන පරිශ්‍රයේ ජල ක්‍රීඩා සහ විනෝදාස්වාද කලාපයක් පිහිටුවීම සඳහා සිංගප්පුරුවේ ක්‍රියේට් ඩිසයින්ග් පෞද්ගලික සමාගම සහ කොළඹ නෙළුම් කුලුන කළමනාකරණ පෞද්ගලික සමාගම අතර (18) ගිවිසුමක් අත්සන් කර තිබේ.

ඒ අනුව ඉදිරි වසර 3ක කාලය ඇතුළත අමෙරිකානු ඩොලර් බිලියනයක මුදලක් මේ වෙනුවෙන් ආයෝජනය කිරීමට නියමිතය.

“නෙළුම් කුලුනේ අපි අද මේ ගෙනල්ලා තියෙන ආයෝජනය ලංකාවට දැනට ඇවිත් තියෙන විශාලම ආයෝජනය බවට පත්වෙනවා. මෙය ඊළඟ වසර 2-3 ඇතුළත ඩොලර් බිලියනයක ආයෝජනයක්. ඊටත් එහා ගිය ඩොලර් බිලියන ගණනක් අපිට මේ තුළින් ගේන්න පුළුවන්“, යැයි මෙම අවස්ථාවට එක්වෙමින් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

Aruna