Friday, October 25, 2024
Follow Us
මත්පැන් ගැන කටාර් රජ පවුලේ ඉල්ලීමක් නිසා ලෝක කුසලාන පාපන්දු තරගාවලිය කැළඹෙයි

ලෝක පාපන්දු ලෝක කුසලානය ආරම්භ වීමට පැය 48ක් ඉතිරිව තිබියදී මෙවර තරගාවලියේ සත්කාරත්වය දරනු ලබන කටාර් රාජ්‍ය විසින් තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගනයන් තුලදී මත්පැන් අලෙවි කිරීම තහනම් කරන ලෙස එරට පාලනය කරන රජ පවුල තරග සංවිධායකවරුන් ගෙන් ඉල්ලා ඇති බව වාර්තා වනවා.

මෙම ඉල්ලීමත් සමග ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සංවිධානය කරන සංවිධායකවරුන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ .

තරගාවලිය පැවැත්වෙන ක්‍රීඩාංගන තුලදී තරග නරඹන්නන් සඳහා බීර අලෙවි කිරිමට මීට පෙර සැලසුම් කර තිබුනද, කටාර් රජ පවුලේ ඉල්ලීමත සමග ඊට අවසර හිමි නොවනු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

තරගාවලිය නරඹන්නන් සඳහා මත්පැන් හෝ බීර මිලදී ගැනීමට හැකියාව ඇත්තේ ඒ සඳහා විශේෂ අවසරයක්සහිත හෝටල් සහ ආපනශාලා තුලින් පමණක් බවයි වාර්තා සඳහන් කර සිටින්නේ.

ඉස්ලාම් ආගමික නීති අනුගමනය කරනු ලබන කටාරය තුළ මත්පැන් අලෙවි කිරිමට අවසර ලබාදී ඇත්තේ තෝරා ගත් ස්ථාන වලට පමණක් වන අතර මත්පැන් මිලදී ගනු ලබන මුස්ලිම් නොවන ජාතිකයින්ට ඒ සඳහා විශේෂ අවසර පතක් ලබාගෙන තිබිය යුතු වනවා.

කෙසේ වුවද ක්‍රිඩාංගන තුල මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් කටාර් බලධාරීන් විසින් ඉදිරි පැය කිහිපය තුලදී නිල නිවේදනයක් නිකුත් කිරිමට නියමිතව ඇත.

 

Neth