Friday, October 25, 2024
Follow Us
පුද්ගලයින් 7 දෙනෙකු එල්ලා මරයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අත් වූ ඉරණම


කුවේට් රාජ්‍ය විසින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 7 දෙනෙකුට මරණ දඩුවම ක්‍රියාත්මක කර තිබේ.

ඉතියෝපියානු ජාතික කාන්තාවක්, කුවේට් ජාතික කාන්තාවක්, කුවේට් ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු, සිරියානු සහ පාකිස්තාන ජාතිකයින් දෙදෙනෙකුට මෙලෙස මරණ දඩුවම ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

2017 වසරෙන් පසුව එරට එක් දිනකදී සමූහ වශයෙන් මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙයයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අදාළ පිරිසට එරෙහිව මරණ දඩුවම නියමවී තිබූ අතර ඔවුන්ට එරෙහිව දඬුවම ක්‍රියාත්මක කිරීමට එරෙහිව මානව හිමිකම් සංවිධාන විසින් ද අභියාචනා ඉදිරිපත් කර තිබුණි.

Aruna