Friday, October 25, 2024
Follow Us
ඇපල් තිත්ත වෙලා

ඇපල් නිෂ්පාදනය නතර කරයි


ලොව ප්‍රමුඛතම ජංගම දුරකථන සමාගමක් වන ‘ඇපල්’ (Apple iPhone) අලෙවිය ගෝලීය අර්බුද සමග ඉදිරි මාස කිහිපයේදී විශාල ලෙස පහත වැටෙනු ඇතැයි ඇපල් සමාගම නිවේදනය කර ඇත.

ඊට විශේෂයෙන් හේතුවී ඇත්තේ වසර දෙකකට පසුවත් මෙතෙක් අවසන්වී නොමැති කොවිඩ්-19 වසංගතයයි. කොවිඩ් වසංගතය හේතුවෙන් ඇපල් දුරකථන නිෂ්පාදනය කරනු ලබන විශාලතම තායිවාන සමාගම මේ වනවිට සිය නිෂ්පාදන කටයුතු තාවකාලිකව නතර කර ඇත.

එයින් අදහස් වන්නේ මේ වනවිට ලොව බහුලවම අලෙවි වන ඇපල් දුරකථනය වන iPhone 14 ඉදිරි නත්තල් සමයේදී වෙළඳපොළට පැමිණීම සීමාවන බවයි.

iPhone 14 Pro සහ iPhone 14 Pro Max යන දුරකථන මාදිලි විශේෂයෙන් බටහිර රටවල දැඩි ඉල්ලුමක් පවතින නමුත් ඉදිරි මාස කිහිපයේදී සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සැපිරීමට නොහැකිවනු ඇතැයි ඇපල් සමාගම ප්‍රකාශ කරයි.

“ඇපල් සඳහා ප්‍රධාන සැපයුම්කරුවකු වන තායිවාන සමාගමක් වන Foxconn සතු මෙගා කර්මාන්ත ශාලාවක් වන Zhengzhou විසින් iPhone 14 Pro මාදිලිය එකලස් කිරීම කොවිඩ් පැතිරීම හේතුවෙන් අගුලු දමා ඇත.” යැයි සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙම මාසය ආරම්භයේදී සමාගම නිවේදනය කළේ, කම්හලේ සේවකයකු හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග අනෙකුත් සේවකයන් 3000ක් නිරෝධායනයට යොමුකර ඇති බවයි.

Aruna