Friday, October 25, 2024
Follow Us
චීනය සමග තවදුරටත් සීතල යුද්ධයක් නැහැ - බයිඩ්න් කියයි

චීනය සහ අමෙරිකාව අතර සීතල යුද්ධයක් ආරම්භ නොවන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා. චීන ජනාධිපති ෂී ජින්පින්ග් සමග ඊයේ පැවති මුහුණට මුහුණ සාකච්ඡාවෙන් පසු අමෙරිකානු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දුනීසියාවේ බාලි හී පැවැත්වෙන G20 සමුළුවට සහභාගී වී සිටින චීන ජනාධිපතිවරයා සහ අමෙරිකානු ජනාධිපතිවරයා අතර එම හමුව ඊයේ සිදු වුණා. පුද්ගලික මට්ටමේ හමුවක් ලෙස පැවති නායකයන් දෙපළ අතර හමුව පැය තුනකට අධික කාලයක් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

නායකයින් දෙපළගේ සාකච්ඡාව අතරතුරදී උතුරු කොරියාව, රුසියාව සහ යුක්‍රේන ආක්‍රමණයන් ඇතුළු මාතෘකා රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවද සහදන්. එහිදී විශේෂ අවධානයක් තායිවානය සම්බන්ධයෙන් යොමු වී ඇති අතර චීනය විසින් තායිවානය ආක්‍රමණය කරනු ඇතැයි තමන් විශ්වාස නොකරන බවද ජෝ බයිඩ්න් එහිදී පවසා තිබෙනවා.

පවත්නා ගැටලු විසදා ගැනීම සදහා රාජ්‍ය මට්ටමේ සංවාදයක් ඇති කිරීම සදහා දෙරටේ නායකයන් අතර එකගතාව පලවී ඇති අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන්ද චීනයේ සංචාරය කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

Neth