Friday, October 25, 2024
Follow Us
චීනයේ අධ්‍යාපනය ලැබීමට යන ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ සහනයක්

චීනයේ අධ්‍යාපනය ලැබීමට නියමිත ශ්‍රී ලාංකික සිසුන්ට විශේෂ සහනයක් ලබාදීමට ගුවන් සේවා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඵ් අනුව ගුවන් ටිකට්පත් සදහා සහන ක්‍රමයක් හදුන්වාදීමටද නියමිතයි. ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් කේ ඩී එස් රුවන්චන්ද්‍ර පැවසුවේ මීට අදාළ යෝජනාව ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙත යොමු කර ඇති බවයි.

විදේශිය අධ්‍යාපනය ලැබීමට නියමිත ශ්‍රී ලාංකික සිසුන් පත්ව ඇති දුෂ්කරතා පිලිබද නෙත් නිවුස් දිගින් දිගටම තොරතුරු වාර්තා කළා. ඵ් අතරින් ප්‍රධාන ගැටලුවක් වූයේ ඩොලරයේ මිල ඉහළ යාමත් සමග ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තු මිල සීඝ්‍රයෙන් ඉහළ යාමයි.

කොවිඩ් සමයට පෙර රුපියල් ලක්ෂයටත් වඩා අඩුවෙන් පැවති චීනයට යාමට අවශ්‍ය ගුවන් ටිකට්පතක මිල මේ වන විට රුපියල් ලක්ෂ 4 හමාර දක්වා ඉහල ගොස් තිබෙනවා.


Neth