Friday, October 25, 2024
Follow Us
එංගලන්තය අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

ඉන්දියාවට අන්ත පරාජයක්


පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට එංගලන්ත කණ්ඩායම අද සමත් විය.

ඒ ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින් ලැබූ ජයග්‍රහණයත් සමගයි.

මෙම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළ කඩුළු 6ක් දැවී ලකුණු 168ක් රැස්කර ගැනීමට සමත් විය.

ඉන්දීය පිල වෙනුවෙන් වේගවත් පිතිහරඹයක නිරත වූ හර්ඩික් පාණ්ඩ්යා නොදැවී ලකුණු 63ක් රැස්කර ගැනීමට සමත් විය.

ඒ පන්දු 33 කදීයි.

ඊට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් ද ඇතුළත් වේ.

විරාට් කෝලි ලකුණු 50යි.

නායක රෝහිත් ෂර්මා ලකුණු 27යි.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් කඩුළු 3ක් බිදදැමීමට ක්‍රිස් ජෝර්දාන් සමත් විය.

අනතුරුව පිටියට පැමිණි එංගලන්තය පිල කිසිදු කඩුල්ලක් නොදැවී පන්දුවාර 16කදී ලකුණු 170ක් ලබාගනිමින් තරගයේ ජය වාර්තා කිරීමට සමත් විය.

එංගලන්ත පිල වෙනුවෙන් ඇලෙක්ස් නොදැවී පන්දු 47කදී ලකුණු 86ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහ 7ක් සහ හතරේ පහර 4ක් ද සමගිනි.

නායක ජොශ් බට්ලර් නොදැවී පන්දු 49කදී දැවැන්ත හයේ පහර 3ක් සහ හතරේ පහර 9ක් ද සමගිනි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට කඩුළු 10ක ජයක් හිමිවිය.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම පාකිස්ථානය සමග අවසන් මහා තරගයට තරග වදිනු ඇත.

Aruna